දැරියක් ගැබිනියක කළ අගලවත්තේ තරුණයෙක් අත්අඩංගුවට

199

14 හැවිරිදි දැරියක් ගැබිනියක් බවට පත්කළ අගලවත්ත පිඹුර ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.

අගලවත්ත, පොලිස් බල ප්‍රදේශයේ නිවසක දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමග ජීවත් වූ මෙම දැරිය යාබද නිවෙසක ජීවත්වූ චූදිත තරුණයා සමග කලක පටන් ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙනගොස් තිබේ.

ඉකුත් දිනක මෙම දැරිය තම පෙම්වතා සමග නිවසින් පලාගොස් ඇති අතර තරුණයා විසින් දැරිය මෙසේ රැගෙන ගොස් දින දෙකක් අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේම පදිංචි තම මිතුරෙකුගේ නිවසේ පෙම් සුව විඳිමින් දැරිය රඳවා තබාගෙන සිට ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව දැරිගේ ඥාතියෙකුගේ නිවසට ද දැරිය රැගෙන ගොස් එහිද දින කීපයක් නවාතැන් ගෙන ඇති අතර ඒ සෑම අවස්ථාවකම දැරිය දූෂණය ලක්කර ඇතැයි පොලීසිය පවසයි.

පසුව දැරිය ගැබිණියක් බවට පත්ව ඇතැයි සැක පිට දැරියගේ මව විසින් අගලවත්ත පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් දැරිය වෛද්‍ය පරික්ෂණ සඳහා රෝහල් ගතකර ඇති බවත් පොලිසිය පැවසීය.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

ගල්පාත-චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment