බලහත්කාරයෙන් ගෙට ආ තිදෙනකු තරුණයකුට කැත්තකින් පහර දීලා

81

හම්බෙගමුව පොලිස් වසමට අයත් දියවර ගම්මානයේ 104 නිවසට ඉකුත් (07) වැනිදා බලහත්කාරයෙන් ඇතුළු වූ තිදෙනෙකු එහි සිටි 22 හැවිරිදි තරුණයෙකුට කැත්තකින් පහර දී කාන්තාවන් දෙදෙනකුට සහ තවත් අයෙකුට පහර දී ඇතැයි හම්බෙගමුව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණයා සිටි නිවසේ 76 හැවිරිදි පුද්ගලයෙකුට සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුට ද පැමිණි තිදෙනෙකු විසින් පහර දී ඇත.

අපරාධයට සම්බන්ධ එම ප්‍රදෙශයේම පදිචි අවුරුදු 23,22 සහ 24 යන තරුණයින් තිදෙනෙකු සැකපිට පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

හම්බබෙගමුව පොලිස් ස්ථානාධිපති ඩී.එම් විජේසුන්දර මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment