ණය වර්ධනය ප්‍රමුඛ කරගත් කොමර්ෂල් බැංකුව 3 වන කාර්තුව සඳහා ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කරයි

136
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා (වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා.

ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වන කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404 කින් ඉහළ නංවා ඇති අතර මාස තුනක් තුළදී ණය පොත රුපියල් ට්‍රිලියන 1.239 ක් දක්වා 4.33% කින් වර්ධනය කර ඇත.

එම කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් ට්‍රිලියන 2 ක සන්ධිස්ථානය ඉක්මවා ගිය අතර 2023 සැප්තැම්බර් 30 අවසන් වන මාස තුන තුළ රුපියල් බිලියන 79.808 කින් එනම් 4.07% කින් රුපියල් ට්‍රිලියන 2.038 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය මාසිකව රුපියල් බිලියන 26.603 ක සාමාන්‍ය වර්ධනයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපල (CSE) වෙත වාර්තා කළේ, වසරේ පළමු භාගයේ ප්‍රවණතාවය වෙනස් කරමින් මාස තුනක කාලය තුළ මුළු වත්කම් රුපියල් බිලියන 63.343 කින් එනම් 2.57% කින් වර්ධනය වෙමින් සැප්තැම්බර් 30 වන විට රුපියල් ට්‍රිලියන 2.526 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment