ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා අවසන් විස්සයි විස්ස සටන අද

133

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරග තුනකින් යුත් පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය අද (14 වැනිදා* රාත‍්‍රී 7.00 ට කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව එළැඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාවේදී මුහුණ දෙන අවසන් පන්දුවාර 20-20 තරගය අද පැවැත්වෙන තරගය වේ.

මෙම තරගය ජය ගැනීම ප‍්‍රතිවාදීන් සමඟ පැවැත්වෙන තරගාවලියේ ජයපරාජය පිළිබඳ තීරණය වෙනස් කිරීමට සමත් නොවූවත් ලෝක කුසලානයක් අභිමුවේ සිට ලබන එක් ජයග‍්‍රහණයක් හෝ කණ්ඩායමේ මානසික තත්ත්වය වර්ධනය කිරීම පිණිස උපකාරී වන බැවින් තරගය ජය ගැනීම වැදගත් වේ.

කෙසේ වෙතත් පළමු සහ දෙවැනි තරග දෙකම ජයගෙන සංචාරකයන් 2-0 ක් ලෙස විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීම ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රාහී රිද්මයට එල්ල වුණු දරුණු පහරක් විය.

එම පරාජය සඳහා ප‍්‍රධාන වශයෙන් බලපෑ හේතුව වන දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වලතාව අද තරගයේදී හෝ නිවැරදි කර ගැනීමට සත්කාරක කණ්ඩායම වගබලාගත යුතුය.

විශේෂයෙන් මැද පෙළ පිතිකරුවන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය තරම් ලකුණු නොලැබීම එම පරාජයන්ට දැඩිව බලපෑ අතර නිලකුණු පන්දු වැඩි වශයෙන් වාර්තා වීමත් ශ‍්‍රී ලංකාවට සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයකට යෑමට නොහැකිවීමට බලපෑ හේතු සාධක විය.

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන ටබ්රේස් ශම්සිගේ පන්දු හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතාව මේ අතර කැපී පෙනේ.

පන්දුවාර 20-20 තරග අංශයෙන් ශ‍්‍රී ලංකාව වැඩිම තරග ප‍්‍රමාණයකට සහභාගී වී ඇත්තේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී වන අතර එහිදී ශ‍්‍රී ලංකාව තරග 18 ක් පරාජය වී තරග 6 ක් පමණක් ජයගෙන ඇත.

දකුණු අපි‍්‍රකාව පසුගිය තරගයේ ලැබූ ජය ඔවුන් පන්දුවාර 20-20 තරග 6 කදී ලැබූ අඛණ්ඩ ජයග‍්‍රහණයක් ලෙස වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින්ද, දකුණු අප‍්‍රිකා කණ්ඩායම කේශව් මහරාජ් විසින්ද මෙහෙයවනු ලබයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment