මෛත්‍රී එක්ක ඩීල් නෑ – සජබ තීරණය කරයි

508

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග හෝ ඔහු නායකත්වය දෙන පක්‍ෂයක් සමග ඉදිරි මැතිවරණවලදී කිසි ලෙසකින්වත් සන්ධානගත නොවිය යුතු යැයි සමගි ජනබලවේගය තීන්දු කොට ඇත.

සිරිසේන මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔහුගේ භාවිතාව සලකා බලා සජබය මෙම තීරණය ගත් බව එහි ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාද ඉතා බරපතළ බැවින් ඔහු සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොකළ යුතු බවට සජබයේ මතය වී ඇතැයි ඉහත ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment