උද්ධච්ච තීරණ නිසා සෞඛ්‍ය අර්බුදය කලින්ම ආවා – රවි කුමුදේශ්

173

සෞඛ්‍ය පරිපාලනයේ උද්ධච්ච තීරණ සහ දුර්වල කළමනාකරණය නිසා මේ වසර අවසානයේ ඇති විය යුතුව තිබූ සෞඛ්‍ය අර්බුදයට වසර මුලදීම මුහුණදීමට සිදු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා දැන් කියනවා, ඖෂධ තියෙන්නේ තව මාස දෙකකට පමණයි කියලා. නමුත් ඔහු සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ කිව්වේ වෙනම කතාවක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැතිවරයා දිවුරුම් දුන් උත්සවයේදී මුව ආවරණ පළඳින්න අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළා. මාස්ක් පැළඳීම විද්‍යාත්මක තීරණයක් නම් එය ඉවත් කිරීමත් විද්‍යාත්මක විය යුතුයි. නමුත් ඒක ඇමැතිවරයා දිවුරුම් දෙන උත්සවයේ ප්‍රවෘත්තියක් විය නොහැකියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාස්ක් පැළඳීම අනිවාර්ය කරමින් දක්වපු හේතුවලින් මොනවද දැන් වෙනස් වෙලා තිබෙන්නේ. අද සෞඛ්‍ය පද්ධතියම අකර්මණ්‍ය වී අවසන්. ඖෂධ වගේම අත්‍යවශ්‍ය උපකරණත් දිනෙන් දින හිඟ වෙමින් පවතිනවා යැයි ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment