බොරතෙල් බැරලය  ඩොලර් 35 ට ගත හැකි නම්  ඕනෑ කෙනෙකුට දොර ඇරලා – බලශක්ති ලේකම් කියයි

202

බොරතෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් 35 ට ගත හැකි බව පවසන ඕනෑම පුද්ගලයකුට හැකිනම් එය ඉටුකරදීමට බලශක්ති අමාත්‍යාංශය එකඟතාව පළකරන බව එම අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා “දිවයින”ට ඊයේ (08දා) පැවැසීය.

බොරතෙල් බැරලයක් ඩොලර් 35 ට ගත හැකිව තිබියදී අමාත්‍යාංශය එය මගහැර කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල පළකරන නැව පසුගිය ජුනි මාසයේ මෙරටට ළඟාවී තිබූ බොරතෙල් නැව බවත් එය ලබාගෙන ඉන්ධන නිපදවා ඇති බවත් ලේකම්වරයා කියා සිටී.

ජාතික නිදහස් පෙරමුණ විසින් රුසියාවෙන් ණය පදනම මත ඉන්ධන ලබා ගැනීමට හැකි බවට ඉදිරිපත් කර තිබෙන අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශය අවධානය යොමුකර එම ගිවිසුමේ විසඳාගත යුතුව තිබූ නීති ගැටලු කිහිපයක් නිරාකරණය කරගැනීමෙන් පසු කඩිනමින් එකඟතාවයකට පැමිණිය හැකි ද යන්න ප්‍රකාශ කිරීමට කටයුතු යොදා ඇති බව ද ලේකම්වරයා පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment