නිපෝන් පේන්ට් රග්බි පිටිය උණුසුම් වන ලකුණු

119

“නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටය යටතේ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය හෙට (10) ප.ව. 04.00 ට හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී තරග වදින අතර සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිලට එරෙහිව සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිල අනිද්දා (11දා) ප.ව. 04.00 ට කොළඹ පැරැණි තුරඟ තරග පිටියේ දී තරග වදි.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව තම අපරාජිත බව සනාථ කර ගනිමින් සී. ආර්. පිල හිමි ලකුණු 46 ක් හිමි කරගෙන ඇති අතර මූලික වටයේ දී සී. ආර්. පිල හමුවේ පමණක් පරාජය ලැබූ මහනුවර සමාජය ලකුණු 43 ක් ලබා ඇත.

ලකුණු 27 කට හිමිකම් කියන සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සමාජය තෙවන ස්ථානය තහවුරු කර ගෙන සිටින අතර සිව්වන ස්ථානයේ රැඳී සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ලකුණු සංඛ්‍යාව 26 කි. මේ වන විට සී. එච්. පිල ලකුණු 27 කට හිමිකම් කියන අතර හැව්ලොක්ස් පිල සතු ලකුණු සංඛ්‍යාව 26 කි.

නිපෝන් පේන්ට් රග්බි පිටිය උණුසුම් වන ලකුණු

පළඟ තරග අද සහ හෙට

“පළඟ” ශූරතාව වෙනුවෙන් සටන් වදින යුද හමුදාව සහ පොලිසිය අතර තරගය අද (09) පනාගොඩ දී ක්‍රියාත්මක කෙරෙන අතර හෙට (10) නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය වැලිසර දී පැවැත්වේ.

මේ වන විට පොලිසිය ලකුණු 24 ක් ද යුද හමුදාව ලකුණු 15 ක් ද ගුවන් හමුදාව ලකුණු 12 ක් ද නාවික හමුදාව ලකුණු 02 ක් ද ලබා සිටිති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment