වනවාසී රාහුල හිමියන් දිවි හිමියෙන් රැකගත් ජාතික නාමල් උයන රෝස තිරිවානා පරිසර පද්ධතිය ලෝක උරුමයක් කරන්න උත්සාහ කරමින් සිටිනවා

28

අගමැති අතිරේක ලේකම්

ජාතික නාමල් උයන සහිත රෝස තිරුවානා නිධිය පුරාවිද්‍යාත්මකව හා පාරිසරික භූගෝලීය වශයෙන් ඉතාම වැදගත් වූ මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ලෝක උරුමයක් කිරීමට ජනපතිතුමා සහ අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් හා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් හා අගමැති අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා පැවැසීය.

වනවාසී රාහුල හිමියන් දිවි හිමියෙන් රැකගත් ජාතික නාමල් උයන රෝස තිරිවානා පරිසර පද්ධතිය ලෝක උරුමයක් කරන්න උත්සාහ කරමින් සිටිනවා

ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ ජාතික නාමල් උයන 33 වෙනි සංවත්සරයට සමාගාමීව ජාතික නාමල් උයනේදී පාසල් ළමුන් දහසක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

වනවාසී රාහුල හිමියන් දිවි හිමියෙන් රැකගත් ජාතික නාමල් උයන රෝස තිරිවානා පරිසර පද්ධතිය ලෝක උරුමයක් කරන්න උත්සාහ කරමින් සිටිනවා

වැඩිදුරටත් ඒ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මීට වසර 20 කට එහා අතීතයේ ඒ සඳහා අපේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් මේ රටේ වි්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මැදිහත් නොවන්නට ජාතික නාමල් උයන අදටත් මේ රටේ සිහිනයක් වන්නට ඉඩ තිබුණි. එමෙන්ම මා රාජ්‍ය නිලධාරියකු ලෙස එතෙක් මෙතෙක් සිටි සියලුම රාජ්‍ය නායකයන්ගෙන්, රාජ්‍යයන්ගෙන් අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා නොමඳව වනවාසී රාහුල හිමියන්ට ලැබුණු බව ගෞරවාන්විතව සඳහන් කළහොත් එය ඔවුන්ට කරන අසාධාරණයක් බව මගේ වැටහීමයි. ඒ වගේම, ජනමාධ්‍ය එදා සිට අද දක්වා ඉතා සමීපව කටයුතු කිරීම විශේෂයෙන් දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන් රණසිංහ මහතා සහ සිරි රණසිංහ මහතා ඇතුළු පිරිස එහි ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය නාමල් උයන නෙත් සිත් පිනවන ආකර්ශනීය සුන්දරත්වය ලෝකයට ගෙන ගියා. වනවාසී රාහුල හිමියන් මේ පද්ධතිය රැකගැනීමට දිවි හිමියෙන් කැපවූණා.

සිය ජීවිතය සාර්ථක කර ගතහැකි එකම මඟ අධ්‍යාපනය බව හඳුනාගෙන අද තමන්ගේ ඉදිරි අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ත්‍යාග ලෙස ලබාගන්නට බලාපොරොත්තුවෙන් මෙහි සිටින නාමල් උයන වටා වෙසෙන මේ පාසල් දරුවන් දහසක් දෙනා මෙන්ම අපේ රටේ සියලු දරු දැරියන් පාසල් විෂය නිර්දේශය මගින් නාමල් උයනට ආදරය කළ යුතු ඇයි දැයි සිය පාසලේදී ඉගෙන ගන්නවා.

එපමණක් නොවේ. ඔබට තවත් සුබ පණිවිඩයක් තිබෙනවා. ඉදිරියේදී එම වටිනා ජාතික සම්පත ලෝක උරුමයක් බවට පත්කරන්නට අපගේ වනවාසී රාහුල හිමියන් ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. නියත වශයෙන්ම එම නිළ පණිවුඩය නුදුරේදීම ලැබෙනු ඇති බවට අපට විශ්වාසයි. නාමල් උයන ලෝක උරුමයක් කළ අනාගතයේ දවසක, එහි සැබෑ ප්‍රතිලාභීන් වනුයේ මෙහි පැමිණ අවට සිටින ගම්වැසියන් එදා මෙන්ම අදත් පාරිසරික ගෞරවයෙන් නාමල් උයන ආරක්‍ෂා කර ගත හැකි වගකීම ප්‍රායෝගිකව පවරනුයේ ඔබේ අතටයි.

advertistmentadvertistment
advertistmentadvertistment