ක්‍රිමියාවට එල්ල වූ ඩ්‍රෝන යානා 38ක් විනාශ කෙරේ

677

නැගෙනහිර යුරෝපයේ පිහිටි ක්‍රිමියා අර්ධ ද්වීපයට යුක්‍රේනය විසින් පෙරේදා (03දා) එල්ල කළ ඩ්‍රෝන යානා 38ක් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. ක්‍රිමියා අර්ධ ද්වීපයට අයත් ෆියෝඩෝසියා වරාය ප්‍රදේශයේ දරුණු පිපිරීම් සිදු වී ඇති බවට රුසියානු හා යුක්‍රේන සමාජ මාධ්‍ය ජාල මගින් වාර්තා කිරීමෙන් අනතුරුව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

හටගෙන ඇති පිපිරීම් හේතුවෙන් ෆියෝඩෝසියා වරාය ප්‍රදේශයේ මාර්ගවල ගමනාගමන කටයුතු පැය කිහිපයක් සීමා කර තිබු බව වාර්තා වී තිබේ. මෙම පිපිරීම් හේතුවෙන් කිසිවෙකුට තුවාල සිදු වූ බවක් හෝ හානියක් සිදු වූ බවක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සඳහන් කර නොමැත. 2014 වසරේදී රුසියාව විසින් යුක්‍රේනයේ සිට ඈඳා ගනු ලැබූ ක්‍රිමියා අර්ධ ද්වීපයට එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment