කේට් කුමරියට පිළිකාවක්

421

බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් පිළිකා රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය මේ බව පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ප්‍රසිද්ධ කරමිනි.

42 හැවිරිදි කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත.

මේ වනවිට, විලියම් කුමරුන්ගේ පියා වන බි්‍රතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද පිළිකාවකින් පීඩා විඳී. චාල්ස් රජු, රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු වූයේ පසුගිය පෙබරවාරියේය.

කේට් මිඩ්ල්ටන් කුමරියගේ පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් වැඩිවිස්තර කිසිවක් වාර්තා වී නැත. කුමරිය උදරයේ සැත්කමට යොමු වූයේ මෙම පිළිකා තත්ත්වය නිසා යැයි ද සැක කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment