හයිලන්ඩ් අභියෝගතා ක්‍රිකට් තරගාවලියේ ශූරයෝ

26

මිල්කෝ ආයතනයේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ හයිලන්ඩ් අභියෝගතා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය කිරි පැකට් අංශයට හිමි විය.

එහි අනුශූරතාවය කොළඹ කිරි කර්මාන්ත ශාලාවේ මුදල් අංශයට හිමි විය.

මහරගම නාවින්න ක්‍රීඩා භූමියේදී පැවැති එම තරගාවලියේ හොඳම පිතිකරු ලෙස යූ.ඩබ්ලිව්.ඒ. ප්‍රසාද් සංජීව ද, හොඳම පන්දු යවන්නා ලෙස ඉෂාර ද, තරගාවලියේ වීරයා ලෙස සුරංග ඒකනායක ද, අවසන් තරගයේ වීරයා ලෙස බී.යූ.ආර්. නිමේෂ් චතුරංග දිසානායක ද සම්මාන ලබා ගැනීමට සමත් වූහ.

මිල්කෝ ආයතන ක්‍රීඩා සමාජයේ සභාපති කේ. නේවින්ද රත්නායක, ලේකම් එම්. තුෂාර කොස්තා, භාණ්ඩාගාරික ජේ.එස්. ඒකනායක, ප්‍රධාන සංවිධායක එම්.වී.ආර්. උදය ශාන්ත, උප සභාපති සංජීව ගුණවර්ධන, උප ලේකම් බණ්ඩාර රඹුක්වැල්ල යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය සංවිධානය විණි.

advertistmentadvertistment
advertistmentadvertistment