ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සටන අද ඇරඹේ

520

සංචාරක දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) ප. ව. 2.30 ට ආරම්භ වේ.

ඉන්දියාව සහ පකිස්තානයට එරෙහිව පන්දුවාර 20 – 20 තරගාවලි මෙන්ම ආරාධිත පන්දුවාර 20 20 තරගාවලියද ජයග‍්‍රහණය කරමින් කණ්ඩායම මෙහෙයවා වැඩි විශ්වාසයකින් යුතුව සිටින දසුන් ශානක ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ලබයි.

දකුණු අප‍්‍රිකා සීමිත පන්දුවාර ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ක්වින්ටන් ඩිකොක් ආබාධයකට ලක්වීම හේතුවෙන්

ශ‍්‍රී ලංකාවට පැමිණි එක්දින කණ්ඩායමේ නායකත්වය ටෙම්බා බවුමාට හිමි වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා පිතිකරුවන් 6 දෙනකුගෙන් දඟ පන්දු යවන්නන් 3 දෙනෙකුගෙන් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙකුගේ දායකත්වය ඇතිව තරග වැදීමට බොහෝදුරට ඉඩ ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කලකට පසුව ශ‍්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතය සඳහා කැඳවූ දිනේෂ් චන්දිමාල් අද තරගයේදී ක‍්‍රීඩා කිරීමට නියමිත අතර ඔහු කඩුලූ රැුකීමේ කාර්යය සිදු කිරීම බොහෝදුරට ඉඩ ඇත. එසේ නොවුවහොත් එම කාර්යය මිනෝද් භානුකට පැවරෙනු ඇත.

දිනේෂ් චන්දිමාල් ආරාධිත තරගාවලිය පුරා දස්කම් දැක්වූ අතර මිනෝද් භානුක එහි අවසන් තරගයේදී දස්කම් දක්වමින් ලකුණු අතරට පිවිසියේය. ඒ පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක ප‍්‍රකාශ කර සිටියේ කුසල් ජනිත් තවම කණ්ඩායමට ඇතුළත්ව නැති බැවින් චන්දිමාල් හෝ විනෝද් භානුක දෙදෙනාගෙන් එක් කෙනෙක් තරගයට යොදා ගන්නට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් තරගයට යොදා ගන්නා කණ්ඩායම පිළිබඳව අවසන් තීරණය අද උදෑසන ගැනීමට නියමිත බවත් නායක දසුන් ශානක ප‍්‍රකාශ කර සිටියේය.

‘‘අදත් අපට පුහුණුවීම් සැසියක් තිබෙනවා. පුහුණුකරු සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡුා කර අවසන් සංයුතිය යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි දසුන් ශානක ඊයේ (01 වැනිදා) ප‍්‍රකාශ කර සිටියේ අවසන් 11 පිළිබඳ තීරණය අද දිනට තබමිනි.

දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඩිකොක් හැරෙන්නට තවත් ප‍්‍රබල ක‍්‍රීඩකයන් දෙදෙනෙක් වන ඬේවිඞ් මිලර් සහ ලූන්ගි ඩන්ගිඞ් එක්දින තරගාවලියට සහභාගි නොවන අතර ඔවුහු ඩිකොක් ද සමඟ පන්දුවාර 20 – 20 තරගාවලියට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටිති.

දෙරට අතර මේ දක්වා එක් දින තරග 77 ක් පවත්වා ඇති අතර ශ‍්‍රී ලංකාව ඉන් තරග 31 ක් ද, දකුණු අප‍්‍රිකාව තරග 44 ක් ද ජයග‍්‍රහණය කර ඇති අතර, තරග 2 ක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

දකුණු අප‍්‍රිකාව මේ වන විට එක්දින ක‍්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 05 ස්ථානයේ රැුඳී සිටින අතර ශ‍්‍රී ලංකාව අංක 09 ස්ථානයේ පසුවේ. මෙම තරගාවලිය ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුවහොත් එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් පෙරට ඒමට ශ‍්‍රී ලංකාවට අවස්ථාව ඇත.

නම්කර ඇති මූලික සංචිතය – දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප‍්‍රනාන්දු, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන්, ළහිරු මධුසංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, බිනුර ප‍්‍රනාන්දු, ළහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු, ශිරාන් ප‍්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ, පුලින තරංග.

නම්කරන ලද දකුණු අපි‍්‍රකානු එක්දින සහ විස්සයි විස්ස සංචිතය – ටෙම්බා බවුමා (නායක), ජුනියර් ඩාලා, බියුරන් හෙන්ඩි‍්‍රක්ස්, රීසා හෙන්ඩි‍්‍රක්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඬේ, ජන්නමන් මලන්, කේෂව් මහරාජ්, ඒඩන් මාක‍්‍රම්, වියාන් මෝල්ඩර්, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ පෙහෙලූක්වායෝ, ඬේවියන් පිටෝරියස්, කාගිසෝ රබාඩා, ටබ‍්‍රයිස් ෂම්සි, රසී වෑන්ඩර් ඩුසෙන්, කයිල් වෙරීන්, ලීසාඞ් විලියම්ස්. ක්වින්ටන් ද කොක්, ජෝර්න් ෆෝටුයින්, සිසන්ද මාගල, ඒඞ්න් මාක‍්‍රම්, ඬේවිඞ් මිලර්, ලූන්ගි න්ගිඩි , ලීසාඞ් විලියම්ස්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment