තවත් වන අලි තිදෙනෙක් මරුට

50

තවත් වන අලි දෙදෙනෙක් මරුට

පුත්තලම තේවනුවර ප්‍රදේශයේ සැරිසැරූ වන ඇතුන් දෙදෙනකු මියගොස් ඇති බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි.

එක් ඇතකු මීට දින කිහිපයකට පෙරදී විදුලි සර වැදී මියගොස් ඇති අතර, තවත් ඇතකු 02 දා සවස විදුලිසර වැදී ඇති බව වනජීවී නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වාසල හා වලගම්බා නමින් ප්‍රදේශයේ ජනතාව හඳුන්වා ඇති මෙම දළ ඇතුන් දෙදෙනා පුද්ගලික ඉඩමක අටවා තිබූ විදුලි වැටක පැටලී මෙලෙස මියගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිසිය හා වනජීවී නිලධාරීන් එක්ව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ


සූරියපුරදී වන අලියෙක් විදුලිසර වැදී මරුට

තවත් වන අලි තිදෙනෙක් මරුට



සූරියපුර 9 කණුව ප්‍රදේශයේ ඊයේ (03) උදෑසන විදුලිසර වැදීමෙන් මියගිය වන අලියකු ගේ සිරුරක් කන්තලේ වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන තරුණ අලියකු බවත් සතුන් මැරීමට අටවන ලද විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැකපහළ කරයි.

මෙතෙක් සැකපිට කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් අද (04) පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවට වනජීවී නිලධාරීහු ප්‍රකාශ කරයි.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment