ලයිට් කපන ක‍්‍රමවේදය අද කියයි

309

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලය වාරිමාර්ග කටයුතුවලට ඉතිරි කරගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන බැවින් යම්කිසි කාලයකට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සකසා තිබෙන ක‍්‍රමවේදය අද (15 වැනිදා) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘‘දිවයින’’ට පැවසීය.

ජලාශවල ජලය ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස තුනකට පමණක් බැවින් ජල කළමනාකරණය කර ගැනීමට සිදුවී තිබීම නිසා විදුලි කප්පාදුවකට යෑමට සිදුව ඇතැයි ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (14 දා) දීර්ඝ වශයෙන් සාකච්ඡුා කිරීමෙන් පසු නව ක‍්‍රමවේදයක් සැකසූ බවත් එම ක‍්‍රමවේදය අද ප‍්‍රකාශ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉකුත් කාලය තුළ කප්පාදු නොකර අඛණ්ඩව විදුලිය ලබාදීමේදී ජල විදුලි නිෂ්පාදනය උපරිම වශයෙන් භාවිත කිරීම නිසා ජලාශවල ජල මට්ටම ශීඝ‍්‍රයෙන් පහත වැටුණ බව මේ අතර ලංවීම ඉංජිනේරුවෝ කියා සිටියහ. ඒ අනුව තවදුරටත් ජල විදුලි නිෂ්පාදනය කරගෙන ගියහොත් කෘෂිකර්මාන්තයටත් වතුර අහිමි වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment