පාකිස්තානයේ බෞද්ධ නටබුන් අතරින් වසර 2000 ක් පැරණි තඹ කාසි මතු වෙයි

562

පාකිස්තානයේ පුරාවිද්‍යාඥයන් එරට මොහෙන්ජෝ-දාරෝ හි බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් අතරින් වසර 2,000 කට වඩා පැරණි අතිශය දුර්ලභ තඹ කාසි තොගයක් සොයාගෙන ඇත.

බෞද්ධ රාජ්‍යයක් වන කුෂාන අධිරාජ්‍යයේ කාලයට මෙම බෞද්ධ සිද්ධස්ථානය අයත් වේ. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් විහාරයකි. වර්තමාන ගිනිකොනදිග පාකිස්තානයේ මොහෙන්ජෝ-දාරෝ හි බෞද්ධ නටබුන් පැතිර ඇති කලාපය තුළ මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.

මෙම මස මුලදී තාප්පයක් කඩා වැටීමෙන් පසු සිදු කළ කැණීමකදී කාසි තොගය සොයාගෙන තිබේ. මොහෙන්ජෝ දාරෝ අඩවියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වන සයිඩ් ෂකීර් ෂා විසින් මෙම කාර්යය මෙහෙයවනු ලැබීය. වාතයට නිරාවරණය වූ විට තඹ මළකඩ කෑමට ලක්වන නිසා අලුතින් සොයාගත් කාසි කොළ පාට වී ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment