ජර්මනියේ 17 න් පහළ තරුණයෝ ලෝක ශූරයෝ වෙති

182

වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලානය පළමු වරට ජයග්‍රහණය කිරීමට ජර්මනිය කණ්ඩායම සමත් වූයේය.

ප්‍රංශය සහ ජර්මනිය අතර පැවති එම අවසන් මහා තරගයේදී 4-3 ක් ලෙස දඬුවම් පහර මඟින් ප්‍රංශය පරදවා ජර්මනිය අදාළ ජයග්‍රහණය වාර්තා කරන ලදී.

ඉන්දුනීසියාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජර්මනියේ පැරිස් බෲනර් සම්මාන ලැබුවේය.

තරගාවලියේ තෙවන ස්ථානය මාලි දේශයට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment