ඔස්‌ට්‍රේලියාවේ ලෝක ශූර නායකයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

239

ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු ආරොන් ෆින්ච් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලබා ඇති පිතිකරුවා වන ෆින්ච් තරග 103ක දී සාමාන්‍ය 34.28ක් සහ ප්‍රහාරාත්මක වේගය 142.53ක් ලෙස රඳවා තබා ගනිමින් ලකුණු 3120ක් රැස් කිරීමට සමත් වී ඇත.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ පිතිකරුවෙකු ඉනිමක රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය වන ලකුණු 172 ද ෆින්ච්ගේ නම ඉදිරියේ සටහන් වන අතර විස්සයි විස්ස පිටියේ ඉහළම ලකුණු සහිත ඉනිම් තුන අතරට ද ඔහු දෙවරක් ප්‍රවේශ වී ඇත. 2013 දී ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 156ක්

රැස් කළ අතර එය තුන්වැනි ඉහළම විස්සයි විස්ස ඉනිම වන අතර, 2018 දී ඔහු විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 172ක් රැස් කර ඇති අතර ඇෆ්ගනිස්තානයේ හසරටුල්ලා ශශායි ලකුණු 156ක් ලබා තිබේ. පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ ෆින්ච්ගේ මෙම තීරණය අනුව ඔහු ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ද ඒ අනුව නිමාවට පත්වනු ඇත.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ අර්ධ ශතක 19 ක් ද ෆින්ච් රැස් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment