නැටුමට හපන් කවුද මේ සාරා

190

නටන්න ඕන පදේ දැනගෙන
මම හැම වෙලාවෙම වෙනසකට කැමතියි

ඇය නමින් සාරා අබේවර්ධන. මේ දිනවල ඇය අපිට දකින්න ලැබෙන්නේ හිරු Step Up වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් හැටියටයි. නර්තනයෙන් දස්කම් දක්වන සාරාගේ කතාවට අපි ඉඩක් වෙන් කරන්න හිතුවා.

සාරා” මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල හිරු Step Up වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් හැටියට කටයුතු කරනව. ඒකත් එක්ක ටිකක් කාර්ය බහුලයි. මේ අතර මගේ ඩාන්සිං ස්ටුඩියෝ එකේ සහ සැලූන් එකේ වැඩත් කරගෙන යනව.

නැටුමට හපන් කවුද මේ සාරා

● විනිශ්චයකාරවරියගේ භූමිකාවට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?

මම චිත්‍රපටවල රඟපාන්නෙ නැහැ වගේම ඩාන්සිං ෆීල්ඩ් එකේත් වැඩිය දකින්න නැති නිසා මා දන්නෙ මේ ඉන්ඩස්ටි්‍ර එකේ ඉන්න අය විතරයි. මේ නිසා මුලදි ගොඩක් දෙනෙක් හොයන්න ගත්තා කවුද මේ සාරා කියල. මාසයක් විතට වැඩසටහන විකාශය වුණාට පස්සෙ දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක බැලුවාම නොදන්න කෙනෙක් නැති තරම්.

● ඇත්තටම කවුද මේ සාරා?

සාරා කියන්නෙ නර්ථනය එයාගෙ විනෝදාංශය කරගත්ත සාමාන්‍ය කෙල්ලෙක්. මම Study කළේ ඇල්කොහොල් ගැන. අද මම වයින් පිළිබඳ විශේෂඥයෙක්.

● කෙල්ලෙක් ඇයි මේ වගේ ක්‍ෂේත්‍රයක් තෝරා ගන්නෙ?

අධ්‍යයන විෂයයක් හැටියට කෙල්ලෙක් ඇල්කොහොල් සම්බන්ධව තෝරාගැනීම වැරදි දෙයක් විදිහට දකින්නෙ අපේ රටේ විතරයි. ඒ මිනිස්සු දකින විදිහ. ඔවුන්ගේ මතය. ඒ වගේම ඇල්කොහොල් ඇඟට අහිතකර විදිහට භාවිත කරන්නෙත් අපේ රටේ විතරයි මම දන්න විදිහට. ඒක පිටරටවල මිනිසුන් බොහොම ඩීසන් විදිහට භාවිත කරන දෙයක්. මේ ක්‍ෂේත්‍රය තෝරාගත්ත කෙනෙකුට ්‍යධ්චසඒකසඑහ පැත්තෙන් ලොකු දුරක් යන්න පුළුවන්.

නැටුමට හපන් කවුද මේ සාරා

● මේ සම්බන්ධවම ඔබ රැකියාවක් කළා?

ඔව්” මම ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකියාව කළා. විවාහයෙන් පස්සෙ අවුරුදු අටක් රැකියාව කළ තැනින් ඉවත් වෙලා මගේ විනෝදාංශ පැත්තට තැනක් දෙන්න ඕන කියල හිතුවා.

● ඔබ නර්තනය ගැන හැදෑරීමක් කළාද?

මගේ උසස් අධ්‍යාපන කටයුතු බොහොමයක් කළේ නර්තනය පැත්තෙන්. ලංකාවේ විශ්ව විද්‍යාලයක වගේම ඉන්දියාවේදීත් නර්තනය ගැන හැදෑරීමක් කළා.

නැටුමට හපන් කවුද මේ සාරා

● නමුත් සාරා එකවරම වගේ කරළියට එනව?

එහෙම දෙයක් නැහැ. මම මේ ඉන්ඩස්ටි්‍ර එකේ හිටියා. රාජ්‍ය නර්තන කණ්ඩායමේ මම අවුරුදු තුනක් කටයුතු කළා. බොහෝ දුරට මගේ බාහිර පෙනුම නිසා වෙන්න ඇති සමාජයේ වැඩිපුර කතා වෙන්නෙ.

● ඔබේ පාසල?

ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයට තමයි මම පාසල් ගියේ. එතනින් පස්සෙ ඇක්වයිනාස් කොලේජ් එකේ උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වෙනව. එතනින් පස්සෙ ඉන්දියාවට යනව. ලතින් ඩාන්සිං පිළිබඳව තමයි උසස් අධ්‍යාපන කටයුතු කළේ. සිංගප්පූරුවේදී එවැනි තරග වලට පවා සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනව.

● බාහිර පෙනුම වෙනස් කරන්නෙ ඇයි?

ඒකාකාරී ජීවිතයකින් තේරුමක් නැති නිසා මම හැම වෙලාවෙම වෙනසකට කැමතියි. ඒ වගේම මේ විදියට පෙනුම වෙනස් කරගන්න මගේ මහත්තය තමයි මුලින්ම යෝජනා කළේ.

● ඔබේ නර්තන පාසලේ කටයුතු කොහොමද?

නර්තන පාසලේ නම සාරා ඩාන්සිං ස්ටූඩියෝ. කළුබෝවිල තමයි තියෙන්නෙ. ප්‍රසංගවලට සහභාගි වෙන්නත් අපිට නර්තන කණ්ඩායමක් ඉන්නව.

● අනෙකුත් නර්තන කණ්ඩායම්වලින් අභියෝගයක් නැද්ද?

ඇත්තටම මමත් කැමතියි කෙනෙක් අම අභියෝගයකට ඉන්නවනම්. මොකද එතකොට තමයි මගෙනුත් අලුත් දෙයක් එළියට එන්නෙ.

● විනිසුරුවරියක් හැටියට සහභාගි වෙන්න කොහොමද ආරාධනය ලැබෙන්නෙ?

ඒකට ඉස්සර ඉඳන්ම මට ආරාධනා ලැබුණා. නමුත් මම භාරනොගත්තෙ මගේ ගෝල් එක වෙන දෙයක් නිසා.

● ඔබේ ට්‍රැවලින් වලට සැමියාගෙන් බාධාවක් නැද්ද?

නැහැ. ඔහු හරිම විවෘත මනසකින් තමයි මේවා දකින්නෙ. ඒ වගේම මගේ ඉලක්ක වලට යන්න නිතරම උදව් කරන කෙනෙක්. ඔහුගෙන් ලැබුණ හයියත් එක්ක තමයි මම අද මෙතැන ඉන්නෙ.

● ලංකාවේ ඔබ දකින නර්තනය ගැන අදහස මොන වගේද?

ඕනෑම ගුරුවරයෙක් ළමයින්ට හරි දැනුම දෙනවා නම් ඔවුන් සාර්ථකයි. නමුත් බොහෝ දෙනෙක් කරන්නෙ ප්‍රායෝගික දැනුම දෙන එක විතරයි. සිංදුවක් දාගෙන නටනව. නමුත් එතනට ලිඛිත දැනුමත් ලැබෙන්න ඕන. තමන් නටන පදේ මොකක්ද කියලවත් ඒක ආවෙ කොහෙන්ද කියලවත් දන්නෙ නැතිනම් නටල වැඩක් නැහැ.

● සාරාට රඟපෑමට ආරාධනා නැතිද?

ඇත්තටම ආරාධනා ගොඩක් ලැබෙනව. නමුත් මම හිතනව මට බැරි දේවල් නොකර හිටියොත් හොඳයි කියල. ඒ වගේම මට උවමනා ලංකාවේ වගේම ජාත්‍යන්තරවත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඒක තමයි මගේ ඉක්කය.

● විලාසිතාවලට සීමා මායිම් තියෙනවද?

විලාසිතාවලට සීමා මායිම් තියෙන්නෙ මගෙ ඇගේ විදිහට විතරයි. මට උචිත නැත්නම් මගේ ඇඟට හරි නැත්නම් කොච්චර වටිනා ඇඳුමක් වුණත් මම අඳින්නෙ නැහැ.

● ටැටූ ගැන අදහස?

මම ඒකට කැමතියි. මගේ නංගිගෙ සැමියාත් ටැටූ ආටිස්ට් කෙනෙක්. මම හැම දෙයක් දිහාම කලාත්මකව බලන කෙනෙක්. කවදාවත් ඒ දේවල්වලට වැරදි කියන්නෙ නැහැ.

සාරා විදේශගත වෙන්න අදහසක් නැද්ද?

ඔව්” එහෙම අදහසක් තියෙනව. සැමියා ලංකාවේ ඉපදුන කෙනක් වුණාට එයා දැන් ජීවත් වෙන්නෙ කැනඩාවෙ. අපි රටවල් දෙකේම කකුල තියාගෙන තමයි ඉන්නෙ. මොකද මෙහේ වගේම එහෙත් අපේ වැඩකටයුතු තියෙන නිසා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment