ප්‍රාණ ඇපකරුවන් 222 ක් හමාස් භාරයේ – ඊශ්‍රායලය

287

ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු අල්ලාගෙන රඳවාගෙන සිටින මුළු ප්‍රාණඇපකරුවන්ගේ සංඛ්‍යාව 222 දෙනකු බව ඊශ්‍රායල හමුදාවන් විසින් තහවුරු කර තිබේ. එසේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිස අතර කුඩා ළමුන් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් මෙන්ම විදෙස් ජාතිකයන් විශාල පිරිසක්ද සිටින බව ඊශ්‍රායල ආරක්ෂක ප්‍රකාශක ඩැනියෙල් හගාරි විසින් ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල හමුදා මෙසේ හමාස් අන්තවාදීන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණඇපකරුවන් පිරිස පිළිබඳව තොරතුරු සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව හගාරි පවසා තිබේ. මේ අතර ඇමරිකානු බලධාරීන් පවසා ඇත්තේ ඇමරිකානු ජාතිකයන් 20 දෙනකු පමණ ප්‍රාණ ඇපකරුවන් අතර සිටින බවයි.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශකයා විසින් ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ප්‍රහාරයන් සිදු කරන බව පිළිගෙන ඇති අතර තවත් යුද්ධයකට සූදානම් වෙමින් සිටින හමාස් ත්‍රස්තවාදීන්ගේ කඳවුරු විනාශ කිරීමේ ප්‍රහාරයන් සිදු කෙරෙන බව මාධ්‍යට පවසා තිබේ. මේ අතර පෙරේදා (22දා) සිදු වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 27 දෙනකු මිය ගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසා ඇති අතර අන්තවාදීන්ගෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගාසා දේශ සීමාවේ සිටි ඊශ්‍රායල හමුදා භටයෙකු මියගොස් තවත් හමුදා භටයන් තිදෙනකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. මේ අතර ඊශ්‍රායල හමුදාවන්ගේ නියෝග මත උතුරු ගාසා තීරයේ සිට දකුණු ගාසා තීරයට පැමිණි පලස්තීන ජාතිකයන්ටද ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුව ඇති බව පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment