ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ බැංකු ගිණුම් තහනම්

305

මහා මැතිවරණය ආසන්නව තිබියදී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ සියලු බැංකු ගිණුම් තහනම් කිරීමට ඉන්දිය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති බව කොංග්‍රස් පක්ෂ ප්‍රධානීන් විසින් චෝදනා කර තිබේ. මෙසේ පක්ෂයේ බැංකු ගිණුම් තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති කොංග්‍රස් නායකයෙකු වන මල්ලිකාර්ජුන් කර්ගේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු තහනම් කළ බැංකු ගිණුම්වලට ප්‍රවේශ වීම, සඳහා පක්ෂ බලධාරීන්ට අවස්ථාව ලබා දීමට ආදායම් බදු නිලධාරීන් අවස්ථාව ලබා දුන් බව සඳහන් කර තිබේ.

තවත් කොංග්‍රස් නායකයෙකු වන අජේ මකේන් පවසා ඇත්තේ මෙසේ සිය පක්ෂයේ බැංකු ගිණුම් තහනම් කිරීම හේතුවෙන් විදුලි බිල් ගෙවීමට හා සිය සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකි වී ඇති බවයි. ඉන්දීය, අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ රජය ඉන්දියාවේ විපක්ෂයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය යොදාගෙන මර්දන වැඩපිළිවෙළක් දියත් කර ඇති බවටද විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ. මේ අතර ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්තේ 2018-2019 වර්ෂය වෙනුවෙන් කොංග්‍රස් පක්ෂය ආදායම් බදු ගෙවීම දින 45ක කාලයක් ප්‍රමාද කිරීම බැංකු ගිණුම් තහනම් කිරීමට හේතු වූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment