අලුත් හෙට්ටිවීදියේ වෙඩි තැබීමකින් එක් අයෙක් බරපතළ තුවාල ලබයි

262

කොළඹ අලුත් හෙට්ටිවීදියේදී ඊයේ දහවල් කිඹුලාඇල ප්‍රදීප් නමැති අයකුට නාඳුනන තුවක්කුරුවකු වෙඩි තැබීම නිසා බරපතළ තුවාල ලබා කොළඹ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කර ඇත.

කිඹුලාඇල ප්‍රදීප්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග ඊයේ දහවල් යතුරුපැදියෙන් ගමන් කළ මොහොතේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මෙම තුවක්කුරු ද පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. ඒ අසල වැටී තිබූ හිස් පතුරම් දෙකක් පිටකොටුව ජම්පටාවීදිය පොලිසිය මගින් සොයා ගෙන ඇත.

පාතාල ගැටුමක් මුල්කරගෙන කිඹුලාඇල ප්‍රදීප්ට මෙම වෙඩි පහර මෙසේ එල්ල කර ඇත. කිඹුලාඇල ප්‍රදීප් අලුත් හෙට්ටිවීදියේ හින්නිඅප්පුහාමි මාවත අසලට මෙසේ පැමිණ ඇත්තේ සිය දරුවා පංතියකින් රැගෙන යෑමට බව පොලිසිය කියයි. වෙඩි පහර වැදී ඇත්තේ ඔහුගේ බඩට බව ද පොලිසිය කියයි. ගතවූ දින කීපය ඇතුළත පාතාල වෙඩි තැබීම් දිගින් දිගටම සිදුවූ බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment