නිවාඩු කාලයේ දී දරුවන් පාසල් ගෙන්වා ගැනීම නවත්වන්න – ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ඇමැතිට ලියයි

916

දරුවන්ගේ මානසික, කායික නිදහස හා අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන පාසල් නිවාඩු කාලයේදී ඇතැම් පාසල් දරුවන් දිගට ම පාසලට ගෙන්වා ගෙන ඉගැන්වීමට කටයුතු කරමින් සිටින බැවින් එය වැළැක්වීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ මහත්මිය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

දරුවන් විනෝද ගමන් යෑම හා විවිධ ක්‍රීඩාවල යෙදීම සිදුවන්නේ පාසල් නිවාඩු කාලය තුළදී ය. ලොව බොහෝ රටවල්වල පාසල් නිවාඩුව ක්‍රමවේදයක් අනුව ලබාදීම සිදුවන්නේ දරුවාගේ නිදහස් හා මානසික සුවය දරුවාට අවශ්‍ය නිසාය. අප රටේ තරගකාරී අධ්‍යාපනය ක්‍රමය තුළ දැනටමත් දරුවන් මානසික හා ශාරිරික පීඩාවට පත්ව සිටින බව දැන දැනත් පාසල් නිවාඩු වාරයේ දී දරුවන්ගේ නිදහස අහිමි කරමින් නිවාඩු කාලය ද පාසල් වාරයක් කර ගෙන දරුවන් පාසල්වලට ගෙන්වා ඉගැන්වීමට පටන් ගෙන ඇත. මේ තුළ විකෘති මනසක් දරුවන් තුළ ගොඩනැඟීමට පටන් ගෙන ඇත්තේ ඔවුන් දැඩි මානසික පීඩනයකට පත් වන නිසාය.

“ඇතැම් පාසල් නිවාඩු කාලය තුළ කොතෙක් ඉගැන්වීම් කළත් ප්‍රතිඵල රටාවේ වෙනසක් සිදු වී නැත. අධ්‍යාපනය යනු පන්ති කාමරයේ කොටු වී කරන අධ්‍යාපනය නොවේ. මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් වහාම අවධානය යොමු කර පාසල් නිවාඩුව දරුවාට නිදහසේ ක්‍රීඩාවෙන් රසවිඳින්නට ඉඩ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු” යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment