විදුහල්පති ඉවත්කරන ලෙස හැටන් පාසලක උද්ඝෝෂණයක්

148

හැටන් අධ්‍යාපන කළාපයට අයත්, කාසල්රී, කාෆෙක්ස් දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම ප්‍රදේශයේ දෙමව්පියන් හා වතු කම්කරුවන් පිරිසක විසින් අද (15) දා පෙරවරුවේ එම පාසල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නිරතව සිටි දෙමව්පියන් මෙහිදී කියා සිටියේ, වත්මන් විදුහල්පතිවරයාගේ ක්‍රියා කළාපය තනතුරට නොගැලපෙන නිසා විදුහල්පතිවරයා ඉවත් කර වෙනත් විදුහල්පතිවරයෙක් පාසලට ලබා දෙන ලෙස අධයාපන බලාධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

මෙම විරෝධතාවයට ප්‍රදේශයේ දෙමව්පියන්, ලෙතන්ටි හා ඔස්බෝන් යන තේ වතුවල පදිංචි වතු කම්කරුවන් ඇතුළු 350 ක පමණ පිරිසක් එක්ව සිටිහය.

advertistmentadvertistment
advertistmentadvertistment