තලෙයිබාන් රජය හා චීනය තෙල් ගිවිසුමක්

237

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය චීනය සමග ඩොලර් මිලියන 540ක තෙල් ගිවිසුමකට එවන් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කලාපයේ චීන ජාතිකයන් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙද්දී මෙලෙස ඇෆ්ගනිස්ථානය සමග ගිවිසුමකට යොමුවීම චීනය ඉස්ලාම් එමීර රාජ්‍යය කෙරෙහි ඇති උපාය මාර්ගික උනන්දුව හෙළිවන බව ද පවසයි. එසේම මෙම ගිවිසුම අනුව කාබුල් සහ බීජිං අතර සමීප ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාවය ගොඩනැගෙන බව ද එමගින් ඇෆ්ගනිස්ථානය කෙරෙහි ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව සීමාවන බවද සඳහන් කරයි. මෙමගින් කලාපය තුළ ඇමෙරිකාවට ලැදි බව අනතුරකට ලක් වන බව ද සදහන් කරයි. එමිරේට්ස් කලාපයේ භාවිතා නොකරන යකඩ, ඇලුමිනියම්,තඹ, ලිතියම් වැනි ඩොලර් ට්‍රිලියනයක් ඉක්මවන ලෝහ වර්ග සහ ඛනිජ ඇතැයි ද ඇෆ්ගනිස්ථානය හදුන්වන්නේ ලිතියම් එමිරේට්ස් කලාපය ලෙසද පවසයි.ඒ අනුව චීනයේ අරමුණු පිළිඹදව විමසිලිමත් විය යුතු බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment