එළුවන්ට කොළ කැපීමට ගිය දැරිය ළිඳට වැටී මියගිහින්

374

යාපනය කරණවායි අන්නාසිලෙයඩි ප‍්‍රදේශයේ ළිඳකට වැටී දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් පමණ වන ජගන් ගජිනිකා නමැති දැරියකි.

අදාළ දැරිය එළුවන් සඳහා කෑමට දීමට කොළ කැපීමට ළිං ගැට්ටට නැග ඇති අතර එහිදී ඇය ළිද තුළට ඇද වැටී තිබේ.

පසුව දැරිය ළිදෙන් ගොඩ ගෙන පේදුරුතුඩුව රෝහලට ප‍්‍රතිකාර සඳහා රැගෙන ගියද එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment