ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී සම්මාන ලැබූවෝ

622


කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ඊයේ පැවැති 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී 2019 වසර හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් කමල් අද්දරආරච්චි ද 2020 වසරේ හොඳම නළුවා ලෙස ද නිවුස් පේපර් චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් කුමාර තිරිමාදුර ද සම්මාන ලැබූහ. 2019 වසරේ හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රගපෑ සමාධි ලක්සිරි ද 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රගපෑ නීටා ප්‍රනාන්දු ද සම්මාන ලැබූහ.2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ද නිවුස් පේපර්හි ගීත ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මාන ලැබුවාය. හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ද නිවුස් පේපර් හි සංගීතය සැපයූ ගයත්‍රි කේමදාස මහත්මිය සම්මාන ලැබුවාය. ස්වර්ණ සිංහ සම්මානයෙන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදක චන්ද්‍රන් රත්නම්,රංගන ශිල්පීන් වන සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ සම්මාන ලැබූහ. පුරෝගාමී සම්මානයෙන් සේන සමරසිංහ,සෝමපාල ලීලානන්ද ,ජෝජ් මනතුංග සහ සුනිල් ටී ප්‍රනාන්දු සම්මාන ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment