අපි ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රටවල් අතර 12 වන ස්ථානයට ඇවිත්

1454

– සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ

සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරලා වසර දෙකයි

වැඩිපුර රසායන ද්‍රව්‍ය යොදන රටවලින්  හාල් ගෙනත් මිනිස්සුන්ට කන්න දෙනවා



මේ ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරලා වසර දෙකයි. රට ලෝකයේ වැඩිම උද්ධමනය තිබෙන රටවල් අතර 12 වන ස්ථානයට පත් වෙලා යැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (06* පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කර වසර දෙකයි. මේ රට ලෝකයේ කඩා වැටෙන රටවල් අතර මූලිකත්වය වෙලා තියෙනවා. ලෝකයේ ආර්ථික කඩා වැටෙන රටවල් විදියට ආජන්ටිනාවත් තිබෙනවා. ඉන් දෙවැනි ස්ථානයට තියෙන්නෙ ශ‍්‍රී ලංකාව. ජනතාවට සෞභාග්‍යය දැක්මක් ඉදිරිපත් කර දැන් රජය කියනවා වසර දෙකක් අපට කරගන්න බැරුව ගියා තව වසර තුනක් තියෙනවා ඒකෙ කොහොම හරි කරනවා කියලා. ඒක කරන්න පුලූවන්ද ?.

2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති වෙලා ඉ`දලා දැන් 2020 දී මොල හතේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වෙලා ඉන්නවා. එතුමාගේ අධ්‍යාපන තත්ත්වය කවුරුත් දන්නවා. එහිදී ආර්ථික විශේෂඥයෝ දෙන උපදෙස් හරි හෝ වැරදි ක‍්‍රියාත්මක කරන්න මේගොල්ලෝ පෙළඹෙනවා.

2007 ස්වෛරී වාණිජ ණය අරන් මේ වන විට ඩොලර් බිලියන 50කට වැඩි ණය ප‍්‍රමාණයක් තියෙනවා. 2010 අපේ රටේ සමස්ත විදේශ ණය තිබුණෙ ඩොලර් බිලියන 22යි. 2015 මහින්ද රාජපක්ෂ රජය යහපාලන රජයට රට භාර දෙන විට ඩොලර් බිලියන 42ක් වෙලා තිබුනා. 2010 සිට 2015 දක්වා කාලය තුළ එය දෙගුණයකින් වැඩිවෙලා. හැබැයි 2015 රජය 2019 භාර දෙන විට 42 ක 54 ක් වෙලා තිබුණා. ඩොලර් බිලියන 12යි පසුගිය රජය ණය අරන් තියෙන්නේ. දැන් කෑගහනවා පසුගිය රජය වැඩිපුර ණය අරන් තියෙනවා කියලා. අද වෙන විට ණය ගෙවා ගන්න බැරි වෙලා. දකුණු ආසියාවේ රටවල්වලින් ණය ඉල්ලන තත්ත්වයට පත්වෙලා. දකුණු ආසියාවේ බංග්ලාදේශය අපට වැඩිය පහලින් ඉන්න රටක්. එහෙනුත් ණය ගන්නවා. දැන් පාකිස්තානයෙන් ණය ගන්න යනවා. චීනයෙන් ණය ගන්න යනවා. ඉන්දියාවෙන් ණය ගන්න යනවා. ඉල්ලන්නේ නැත්තෙ ඇෆ්ගනිස්තානය, භූතානය, මාලදිවයින නේපාලයෙන් විතරයි. මේ සියල්ලම කොරෝනා පිට පටවනවා. එහෙම නම් කොහොමද ආසියාව රටවල්වලින් ණය ගන්න පුළුවන් වෙන්නේ. බංග්ලාදේශය ආර්ථිකයේ කොහොමද ඉහළ ගිහින් තියෙන්නේ. ඉන්දියාවේ කොහොමද ආර්ථිකය ඉහළ ගිහින් තියෙන්නේ. මේ තත්ත්වය තුළ විශාල ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා.

වර්තමාන ජනාධිපතිවරයා කියනවා එතුමා බලයට පත්වුණාම කිසිම විදේශ ණයක් ගත්තේ නැහැ කියලා. නමුත් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ගන්න ගිවිසුම් අස්සන් කරලා. අපි රජයට කියනවා ජනාධිපතිතුමා දැනුවත් කරන්න එම ස්ථානවලට ගෙන්වල පෙන්නන්න මෙන්න අපි ණය ගන්නවා කියලා. ජනාධිපති ජාතිය අමතන විටත් කියනවා මගේ ආණ්ඩුව කිසිම දවසක විදේශ ණය ගත්තේ නැහැ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියනවා ගිවිසුම් අත්සන් කරන අයට ජනාධිපතිතුමා ළඟ තියාගෙන අස්සන් කරන්න. එහිදී ජනාධිපතිතුමා තේරුම් ගනියි අපිට ණය ගන්න සිද්ධ වුණා කියලා.

වස විසෙන් තොර ආහාර වේලක් දෙනවා කියලා ආපු ආණ්ඩුව දැන් මොකද කළේ චීනයෙන් හාල් ගේනවා. ඉන්දියාවෙන් හාල් ගේනවා. ලංකාවේ හෙක්ටයාරයකට රසායනික කිලෝ ග‍්‍රෑම් 138 දාන්නේ. හැබැයි චිනයේ කිලෝ ග‍්‍රෑම් 500 කට ආසන්න දානවා. ඉන්දියාවේ දානවා කිලෝ ග‍්‍රෑම් දෙසිය

ගාණක්. ශ‍්‍රී ලංකාවේ හාල් වෙනුවට වැඩිපුර රසායන ද්‍රව්‍ය යොදන රටවලින් හාල් ගෙනත් මිනිස්සුන්ට කන්න දෙනවා. දෝෂාරෝපණය කරනවා. ඒ නිසා අපි කියනවා සමගි ජන බලවේගය තමයි එකම විකල්පය. ආණ්ඩුවට කරන්න බැරිනම් මේක දාලා යන්න තව අවුරුදු තුනක් කරන්න පුළුවන් කිව්වට එය ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සනසන්න කියන ඒවා.

ගොවි ජනතාව කුඹුරට ගිහින් කියනවා මුන්ට හෙන ගහන්න ඕන කියලා. ආණ්ඩුව කරන හැමදේම ෆෙල් වෙනවා. ඒ තමයි කාදිනල්තුමන් කියපු වගේ අහිංසක මිනිසුන්ගේ ලේ වලින් බලයට පත්වුණාම වෙන දේ. දැන් පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු තවම අල්ලලා නැහැ. එය අල්ලන්නේ සමගි ජන බලවේගයයි. මියගිය අයට සාධාරණය ඉෂ්ට වෙන්නේ සමගි ජන බලවේග රජයක් තුළයි. ක‍්‍රිස්තියානි ජනතාව මේ ආණ්ඩුවට ඡුන්දය දෙන්නේ නැහැ.අපි අභියෝග කරනවා පුළුවන්නම් පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු එළියට දාලා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්න.

අද වන විට රාජ්‍ය ආදායමෙන් 71%ක් ණය පොලිය ගෙවනවා. රාජ්‍ය ආදායම මදි ණය වාරික පොලිය ගෙවන්න. කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ. සමස්ත ණය ප‍්‍රමාණය බිලියන 18000 යි. බිලියන 16000 යි ආදායම. එහිදී වත්කමට වඩා වගකීම් වැඩි වෙලා තියෙනවා. ලංකා ඉතිහාසය පලවෙනි වතාවට අදායම ඩොලර් බිලියන දහයට වඩා වැඩි වෙලා තියෙන්නේ 2017 ,2018 වර්ෂ වල පමණයි දැන් අපේ රටේ විදේශ වත්කම ඩොලර් බිලියනයක් වත් නැහැ සංචිතයත් බිලියනයට අඩුවෙලා. පසුගිය රජය දෙනවිට විදේශ වත්කම් ඩොලර් බිලියන 10ට වඩා තිබුණා දැන් එය සීඝ‍්‍රයෙන් අඩු වෙලා ණය ගෙවා ගන්න බැරි වෙලා. විදේශ රටවල් වල හිඟා කන තත්ත්වයට පත් වෙලා. මේක ඛේදවාචකයක් එය නතර කරන්න බෑ  සෞග්‍යය දැක්ම ඉදිරිපත් කරලා ආවෙ සෞභාග්‍යය කෙසේ වෙතත් අභාග්‍ය දැක්මක් ඉදිරිපත් කරලා තියෙනවා.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment