ඉන්දියාව යළි භාරත්වේ

1487


මෙම සතියේ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැත්වීමට නියමිත ජී-20 සමුළුවට සහභාගි වන ලෝක නායකයන්ට යවන ලද රාත්‍රී භෝජන සංග්‍රහය සදහා ඇරැයුම් කිරීමේ ආරාධනා පත්‍රවල ඉන්දියාවේ නිල නාමය භාරත් යනුවෙන් සදහන් කිරීමෙන් ඉන්දීය අගමැති මෝදි පැහැදිලිවම එරට නම වෙනස් කිරීමට උත්සාහ දරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
මෙම 09දා හා 10 දා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැත්වෙන ජී -20 රාජ්‍ය නායක,සමුළුවේ නිල රාත්‍රි භෝජන සංග්‍රහය
සදහා සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ට ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු විසින් යවා ඇති නිල රාත්‍රී භෝජන ස්ංග්‍රහය සදහා වන ආරාධනා පත්‍රයෙහි ජනාධිපතිනිය ඉන්දිය ජනාධිපතිනිය,ලෙස සදහන් නොකොට භාරතයේ ජනාධිපතිනිය ලෙස නම් කර තිබීම මෙම තත්ත්වයට,හේතු වී තිබේ.ඉන්දියාව හින්දි හා සංස්කෘතික භාෂාවන්ගෙන් භාරතය ලෙස හැදින්වුවද ජාත්‍යන්තර මට්ටමේ සමුළුවලදි ඉන්දියාව යනුවෙන් මෙතෙක් හදුන්වා තිබිණී. මෙසේ ඉන්දියාව භාරත් යනුවෙන් නිල වශයෙන් හැදින්විම ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි නායකත්වය දරණ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරින්ගේ පැසසුමට ලක්ව,තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment