යාචක සංගණනයක්

271


සමාජ සේවා දෙපාර්තමේන්තුව ප්‍රථම වතාවට යාචක සංගණනයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දිවයින පුරා සෑම නගරයකම ඊයේ 5 අද 6 හෙට 7 සහ අනිද්දා 8 යාචක සංගණනයක් සිදු කිරීමට මධ්‍යම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම නගරයකම යාචක ජනගහනය ඉහළ යාම මත සෞඛ්‍ය සහ සමාජ ප්‍රශ්න උග්‍ර වීමේ අවධානමක් ඇති බැවින් එය අවම කිරීමේ අරමුණින් මෙම සංගණනය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මේ ඔස්සේ ඉදිරිපත් කරන ප්‍රශ්ණාවලිය මත යාචකයින් වර්ගීකරණයක් ද සිදුවෙයි.

එම වර්ගීකරණය මත රිදීගම යාචක පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සුදුසු යාචකයින් ඒ සඳහා යොමු කිරීමටත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සපුරාලිය හැකි පහසුකම් මත ඒ ඒ අවශ්‍යතා සහිත යාචකයන්ට පහසුකම් ලබා දෙමින් නගරයෙන් හෝ මහා මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment