ගැබිණි මවුවරුන් සියයට 75ක් එන්නත් කරලා

238

ගැබිණි මවුවරුන්ගෙන් සියයට 75 කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් 32 දෙනකු මරණයට පත්ව ඇතැයි ද ඇය කීවාය.

මෙය ඉතා භයානක තත්වයක් බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මියල දැනටත් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් 900 දෙනකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්ල ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් 4200ක් පමණ වාර්තා වී ඇති බවත් සඳහන් කළාය.

ඇය එලෙස පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment