රට ගොඩ ගන්න IMF ඕනෑ බව විපක්ෂ නායකත් කියයි

218

රට තුළ පවතින මූල්‍ය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවත් එසේ නොමැතිව සමහරු පවසන පරිදි කියුබාවෙන් උදව් අරගෙන හෝ නැත්නම් බංකොලොත් වෙච්ච සමාජවාදී රටවලින් හෝ උතුරු කොරියාවෙන් උදව් අරගෙන හෝ රට ගොඩ ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.තමා අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවූ බවත් රටට හිතකර කම්කරු ජනතාවට හිතකර කොන්දේසි සහිතව ගිවිසුම් ක්‍රියාත්මක විය යුතු බව තමා ඔවුනට පැවසූ බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.එනිසා තම රජයක් යටතේ IMF ගිවිසුම රටට හිතකර ලෙස සංශෝධනය කරන බවත් කීවේය.විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය මහා විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බස් රථයක් ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment