තෙල්දෙණිය රෝහලේ පස්වැනි මහලින් වැටී තරුණයෙක් මරුට

293

තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු අද එම ‍රෝහලේ පස්වන මහලින් වැටී බරපතළ තුවාල ලැබ දැඩි සත්කර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මෙම තරුණයා මානසික රෝගී තත්ත්වයක් සඳහා රෝහලේ 06 වැනි වාට්ටුවට ඇතුළු වී ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. පන්විල කන්දේකුඹුර ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ලක්ෂාන් දිල්රුක්ෂ නැමැති මෙම තරුණයා රෝහලේ පස්වන මහලින් බිමට පනින්ට ඇතැයි පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment