ණය හිමියන් ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

410


එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමඟ මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත.
ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment