ශ්‍රී ලංකාවේ වන සතුන් වැඩිවේ

1104


මේ වනවිට රටේ පවතින වනගහනයට සාපේක්ෂව දරාගත නොහැකි අන්දමට වන සත්ව ගහනය ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන- වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් ස්ථාපිත කරන ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර තිබේ.

වගාවන්ට සිදුවන වනසත්ව හානි අවම කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධව විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සත්ව අයිතින් සුරැකීමේ සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිස්වල සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස එහි වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙරට වන සත්වගහනය පවතින වනගහනයට සාපේක්ෂව දැනටමත් ඉහළ ගොස් ඇති බවයි. මේ නිසා වාර්ෂිකව වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ප්‍රමාණය ඉහළ යමින් තිබේ.

වගාවන්ට හානි සිදු කරන සතුන් වර්ග පහක් හඳුනාගෙන ඇත. සිදු කරන හානි අනුව රිළවා, මොනරා, දඬුලේනා, වඳුරා හා වල් ඌරා ප්‍රධාන වේ.

advertistmentadvertistment
advertistmentadvertistment