මුහුදෙන් එන ඖෂධ තොගයක් හමුවේ

137


නාවික හමුදාව විසින් නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදූ කළ පාමුර සංචාරයකදී වෙරළ තීරයට ගොඩ ගසා තිබු ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කොට තිබේ.
මුහුදූ මාර්ගය ඔස්සේ සිදූ කෙරෙන නීතිවිරෝධි කටයුතු මැඩපැවැත්විම සදහා නාවික හමුදාව විසින් නිරත්තරයෙන් සිදූරණු ලබන මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ඖෂධ තොගය නාවික හමුදාවට හමුවි ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජභා ආයතනf් නිළධාරීන් විසින් මෙම සොදිසි මෙහෙයුම සිදූ කොට ඇති අතර එහිදී පොලිතීන් උර වල බහා මෙම ඖෂධ තොගය හමුවි තිබේ.
ජාවාරම් කරුවන් විසින් මුහුදූ මාර්ගය ඔස්සේ නීතිවිරෝධිව මෙරටට රැගෙන ඒම සදහා උත්සාහ කොට පසුව නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම ඖෂධ තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙසේ අතහැර දමායන්නට ඇති බවට සැක කෙරේ.
තවද මෙම ඖෂධ තොගයේ දල වටිනාකම රුපියල් මිලියන 4.5 ක් පමණ ආසන්න වන බවට විශ්වාස කෙරෙන අතර මේ පිළිබද ඉදිරි නීතිමය කටයුතු සිදූ කරණු ලබන තෙක් අදලා ඖෂධ තොගය නාවික හමුදා භාරයේ තබා ගැනීමට කටයුතු කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment