ඉන්සියුලින් නැතිව දියවැඩියා රෝගීහු මරු කටේ

203

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් ඇතුළු ඖෂධ කිහිපයක් මාස 2 කට අධික කාලයක් පුරා බොහෝ රෝහල්වල නොමැතිකමින් සායන රෝගීන් විශාල අපහසුතාවකට පත්ව ඇතැයි ඔවුහු පවසති.

සායන රෝගීන් පවසන්නේ මධ්‍යම පළාතේ පමණක් පේරාදෙණිය, මහනුවර, ගම්පොල සහ නාවලපිටිය ඇතුළු ප්‍රධාන රෝහල් ගණනාවකම සායන රෝගීන් සඳහා මාස දෙකක් පුරා ඉන්සියුලින් ලබා නොදුන් බවයි.

පෞද්ගලික ෆාමසි වලින් ඒවා මිලදී ගැනීමේදී මිලි ලීටර් සියයට වඩා අඩු කුඩා කුප්පි සඳහා රු. දෙදහස් හයසියයකට වඩා අධික මුදලක් වැය වන බවත් මෙය රෝගීන්ට දරා ගැනීමට නොහැකි බැවින් බොහෝ

රෝගීන් ඉන්සියුලින් ලබා නොගැනීම නිසා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වී ඇති බවත් මොවුහු සඳහන් කරති.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment