සඳ මතුපිටට මූර්ති රැගෙන යයි

379

නාසා ආයතනය සහ ඇමෙරිකාවේ ඉන්ටුයිටිව් මැෂීන්ස් පෞද්ගලික තාක්ෂණික සමාගම එක්ව සදට යැවූ ඔඩ්සියස් නැමැති රොබෝ යානය සදේ දක්ෂිණ ධ්‍රැවයේ මැලපර්ට් නැමැති ආවාටයට අද සාර්ථකව ගොඩ බස්සවා ඇත. ඔඩ්සියස් යානය සද වෙත රැගෙන යාමට පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඇමෙරිකානු බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක්ට අයත් ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් 09 වර්ගයේ රොකට්ටුව මගිනි. ඉකුත් 15 වැනිදා එය ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගතවිය.මෙම ඔඩ්සියස් යානය මගින් ඇමෙරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125ක්ද යවා තිබුණි.ඒ අනුව එම මූර්ති සද මතුපිටට යැවුණු පළමු කළා කෘති බවටද පත්ව ඇත. නාසා ආයතනය 1972න් පසු සද මතට යානයක් ගොඩ බැස්සවූ පළමු යානය ලෙසද මෙය ඉතිහාස ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment