ගෞරව සම්මාන වලටත් නීතිය ක්‍රියාත්මක කරයි

332

නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම හා එලෙස ගෞරව නාම ලබාගැනීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දී තිබේ.එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂ ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිත කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බව සඳහන් ය.මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂ ශ්‍රී ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදු වන බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත.ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිත කිරීම වහා නතර කළ යුතු අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment