සිනමාහල්වලින් කෝටි 37ක පොල්ලක්

233

ජාතික චිත්‍රපට සංස්ථාව දිවයින පුරා සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.වසා දමන ලද සිනමාහල්වලින් රුපියල් කෝටි දාහතරක මුදලක්ද සිනමා ප්‍රදර්ශන මණ්ඩලවලට අයත්ව ක්‍රියාත්මක වන සිනමා ශාලාවලින් කෝටි විසිහතරක මුදලක්ද මෙසේ අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.සිනමා ශාලා 137 කින් 2020 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු වර්ෂ 19කට වැඩි පැරණි හිඟ මුදල් එකතුව රුපියල් කෝටියකට ආසන්න බව සඳහන් කරන විගණන වාර්තාව මණ්ඩලවලට බෙදීමෙන් පසු 2020 දෙසැම්බර් 31 දක්වා වසා දමන ලද සිනමා ශාලාවලට අදාලව අය විය යුතු හිඟ මුදල්වල වටිනාකම රුපියල් කෝටි දාහතරක් බවද ප්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment