පාස්කු ප්‍රහාරය විමර්ශනයට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් දිවයිනට

377

2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීම සඳහා ළඟදීම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙහි පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබෙන විවිධ චෝදනා මත ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණෙනු ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ පරීක්ෂණයක් සිදු වී නොමැති බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඇතුළු පිරිසක් කළ චෝදනා පිළිබඳව සැලකිල්ල යොමු කර ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment