කාන්තාවන්ට නිසි තැන ලබාදීමට පිරිමින්ගේ ආකල්ප වෙනස් විය යුතුයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග

93

කාන්තාවන්ට නිසි තැන හිමිවීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ පිරිමින්ගේ ආකල්ප වෙනස් කිරීම යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය කීවාය.

දේශපාලන ක්‍ෂේත්‍රයේ හා සමාජ ක්‍රියාකාරීත්වයේ නිරත කාන්තාවන් සියදෙනකු වෙනුවෙන් පැවැති පුහුණු වැඩසටහනක් අවසානයේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා පෙරේදා (24 දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක දී හිටපු ජනාධිපතිනිය මෙසේද කීවාය.

කාන්තාවන් නායකත්වය කරා ගෙන ඒම කෙසේ වෙතත් කාන්තාවන්ට එල්ලවන අභියෝග හා හිංසනය දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

කාන්තාවන්ට නිසි තැන ලබාදීමට පිරිමින්ගේ ආකල්ප වෙනස් විය යුතුයි - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග

අද ලංකාවේ දේශපාලනයේ නිරත බොහෝදෙනකු අඩුම දක්‍ෂතා හා අඩුම අධ්‍යාපනයක් ඇති අයයි. ඔවුන් දේශපාලනය තෝරාගෙන තිබෙන්නේ ඉක්මනින් මුදල් ඉපයිය හැකි මාර්ගයක් නිසයි. මේ රට මෙතරම් බංකොලොත් වී තිබෙන්නේ දේශපාලකයන්ගේ මේ ආකල්පය නිසයි.

අපේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවමත් 6%ක් නැහැ. ඒ පිළිබඳව අපි ලැජ්ජාවට පත්විය යුතුයි.

මෙම උත්සවය අමතා විවිධ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් ද පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා ද අදහස් දැක්වූහ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment