13ට පණ දීම පරදන්න ජාතික බලවේග එකට

466

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව යළිත් දරන උත්සාහය පරාජය කිරීමට සියලුම ජාතික බලවේග නැගී සිටිය යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග අදහස් දක්වමින් පැවසීය.

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එමට සූදානම් වන සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිසමේ අවසන් අරමුණ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම බවත් ඒ මහතා පැවසීය. දෙමළ ඩයස්පෝරාවේ සහ භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ ද සහයෝගය ඇතිව පසුගියදා ප්‍රකාශයට පත් කළ හිමාලයා ප්‍රකාශනය එම ක්‍රියාවලියේ පළමු පියවර බවත් සඳහන් කළ අමරසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිෂන් සභා පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ජන්දය ප්‍රකාශ කරන ලෙස ආණ්ඩුවට සහයෝගය ලබා දෙන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment