දිල්ලි පළමු ජය ලබයි

182

මෙවර අයිපීඑල් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ (21 වැනිදා ) මධ්‍යම රාත්‍රියේදී සමත් වූයේය.
මෙවර තරග වාරයේ සිය හය වෙනි තරඟය ලෙස ඊයේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් දිල්ලි ක්‍රීඩකයෝ එම ජයග්‍රහණය ලබා ගත්හ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කල්කටා ක්‍රීඩකයන් නියමිත පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 127 සීමාව ඉක්මවා යාමට දිල්ලි ක්‍රීඩකයන්ට අවසන් පන්දු වාරය තෙක් සටන් කරන්නට සිදු විණි. පන්දුවාර 19 යි පන්දු දෙකක් සහ කඩුලු 6 ක් වැය වී තිබුණි.
දිල්ලි ජයග්‍රහණය වෙනුවෙන් නායක ඩේවිඩ් වෝනර් අර්ධ ශතකයක් ලබා ගත් අතර එය වෝනර් ගේ 59 වෙනි අයිපීඑල් අර්ධ ශතකය වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment