විදුලි ඇමැති වෘත්තීය සමිති හමුවෙයි

253

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශය විසින් සියලුම විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලු වෘත්තීය සමිති කැඳවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරිමක් සිදුකළ බවය. විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 31 ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සදහා සහභාගි වී ඇත. ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් ද මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබේ.අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිසංස්කරණ ව්‍යුහය සකස් කිරීමට අදාළ ඉදිරි කටයුතු වලදී එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සූදානම් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment