අද දවසේ කාලගුණය

161

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද සදහන් කරයි.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය අද දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව ද දැනුම් දෙයි.ඒ අනුව බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවය.මෙම උෂ්ණාධික කාළගුණ තත්වය හමුවේ වැඩ කටයුතු කිරීමේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුවෙයි.විශේෂයෙන් වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළීබදව සැළකිලිමත් විය යුතු බවද කාලගුණ බලධාරීන් සදහන් කරයි.ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පමණක් අද දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment