74 වැනි සංවත්සරය සමරා යුද හමුදාවේ 1879කට උසස්වීම්

44

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314ක් සහ සෙසු නිලයන් 1565කට උසස්වීම් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් යුද හමුදාපති විකුම් ලියනගේ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උසස්වීම් ලබාදී තිබේ.

ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක්, ලුතිනන්වරුන් 84ක් කපිතාන් නිලයට සහ දෙවන ලුතිනන්වරුන් 83ක් ලුතිනන් නිලයට උසස් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment