ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

217


ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත් එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිත ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.

එබැවින් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment