මගේ ජීවිතය වෙනස් කළේ ෂනූ – කවිඳු මධුශාන්

245

තාම මං අපේ අම්මගෙ පොඩි බබා

ඔහු නමින් කවිඳු මදුශංඛ. කවිඳු වැඩිපුර ජනප්‍රිය නිළියො අතර. ඔහු එක්ක ගොඩක් නිළියො කවර් සෝංග් කරල, ටික් ටොක් කරල අන්තර්ජාලයට මුදාහරිනව. පසුගිය දවස්වල මිලියන හයකට ආසන්නව බලපු දිනේෂ්ගෙ මල කඩ කඩ ගීතයට කවිඳු ෂනූ එක්ක cover dance එකක් කරල. ඒකත් මේ වන විට මිලියනය දෙකකට ආසන්නව නරඹලා. ඉතිං අපි හිතුවා කවිඳුගේ රංගනය, නර්ථනය ගැන ටිකක් කතා කරන්න.

මගේ ජීවිතය වෙනස් කළේ ෂනූ - කවිඳු මධුශාන්

● කවිඳු, කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා. මම මේ දවස්වල නම් රටින් පිට වැඩ වගයකට ගිහින් ඉන්නෙ. හැම වෙලාවෙම මම අලුත් දේවල් හොයන්න කැමතියි. කලාවට අවශ්‍ය දේවල් වෙන රටවල්වලිනුත් ගන්න පුළුවන් නිසා ඒවත් එක්ක ටිකක් කාර්යබහුලයි.

● මේ දවස් වල හරි ජනප්‍රියයි නේද?

අපේ රටේ රසිකයන්ගෙන් ලැබෙන comment සහ අනිත් රටවලින් ලැබෙන පිළිගැනීම් එක්ක මම හිතනව මම ජනප්‍රියයි කියල. ජනප්‍රියත්වය කියන්නෙ මගේ නමට ඉස්සරහින් තියෙන විශේෂණ පදයක් විතරයි.

● මල කඩ කඩ ගීතයේ cover එක හිතුවටත් වඩා ජනප්‍රිය වුණා?

ඔව්, ශනූ ගෙයි මගෙයි cover dance එකක් ආවෙ මම හිතන්නෙ අවුරුදු 2 කට පස්සෙ. Hiru Mega star final එකෙන් පස්සෙ අපි දෙන්න Shootවලදි නැත්නම් අනිත් වැඩවලදි dancing choreography කළාට මිනිස්සුන්ට පේන්න Dance cover එකක් කළේ අවුරුදු දෙකකින්. මේ අපි දෙන්නගෙ පස් වැනි Dance cover එක. ඒක හිතුවටත් වඩා ජනප්‍රිය වුණා. හරිම සතුටුයි ඒ ගැන.

මගේ ජීවිතය වෙනස් කළේ ෂනූ - කවිඳු මධුශාන්

● cover dance එක කරන්න කතා කළේ කවුද?

මල කඩ කඩ music video එක මේ දවස් වල හරියට ටික් ටොක් කරනවා. එහි music video එකේ Dance choreography එක කළේ මම. දිනේෂ්ගෙ වෙරලු මල් ගීතයේ choreography එකත් කළේ මම. නමුත් ඒකට වඩා මළ කඩ කඩ එක ගොඩක් අය වැළඳ ගත්තා. ඉතිං Song එක රිලීස් වුණ මුල් දවසෙම තමයි ශනුයි මමයි plan කළේ cover එකත් කරන්න.

● කවිඳු දස්කම් දක්වන්නෙ නර්තනයට?

ඔව්, මම හිතනවා ඒක එහෙම තමයි කියල. ඇත්තටම dancing කියන topic එක මං දන්න කාලෙ ඉඳන් එක තත්පරයකටවත් අමතක කරන්න බැහැ.

● ඇත්තද නිළියො කවිඳු එක්ක ඩාන්ස් කරන්න පොරකනවා කියන්නෙ?

ඒකටනම් මට හරියට උත්තරයක් දෙන්න අමාරුයි. මම හිතන්නෙ මගෙ Style එකට ගොඩක් අය කැමතියි. මගෙ ජීවිතයේ මම නටන්න ගියත්, කන්න ගියත් ඇඳුමක් අඳින්න ගියත් මගෙ ඔලුවෙ වැඩ කරන්නෙ uniqueness කියන idea එක විතරයි. ඒක නිසා මම හදන හැම නැටුමක්ම අලුත්ම විදිහට ප්‍රේක්‍ෂකයාට දෙන්න උත්සාහ කරනවා. මට හැමදාම වුවමනා වුණේ අපේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් අලුත් දේවල් ඉස්සරහට ගේන්න. මම හිතන්නෙ මේ නිසා මගෙත් එක්ක වැඩ කරන්න ගොඩක් Artistsලා කැමතියි. මටත් වුවමනා ලංකාවේ සිනමාවෙ අපෙ කලාකරුවන්ගෙ තියෙන සැඟවුණ දක්ෂතා එලියට අරන් අලුත් දේවල් බිහි කරන්න.

● වැඩිපුරම කැමති මොන නිළිය එක්ක dance කරන්නද?

ශනූ තමයි මම හිතන්නෙ මගෙ Life එකේ හැරවුම් ලක්ෂය. ඇය නිළියකට වඩා මගේ යහලුවා. අපි දෙන්නගෙ මේ friendship එක නිසා අපි දෙන්න එකතු වෙලා කරන ගොඩක් නිර්මාණ සාර්ථක වෙනවා.

● කොහොමද රඟපෑම් වැඩකටයුතු?

රටින් පිට යන නිසා මට කරන්න තියෙන drama එකක shooting ඉවර කරලා ආවෙ. ලංකාවට ආවට පස්සෙ නැවත පටන් ගන්නයි හිතාගෙන ඉන්නෙ.

පහුගිය කාලෙ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා නේද?

මම දැනට කරන්නෙ හිරු නාළිකාවෙ සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ විතරයි. අරාධනා ලැබුණත් බාරගන්න දෙපාරක් හිතනව. මොකද මගෙ life එකේ මුල් තැන දෙන්නෙ dancingවලට.

● වැඩිපුර කැමැති රඟපෑමටද නර්තනයටද?

Dancing තමයි අංක එක. නමුත් මේ සුලු කාලය ඇතුළත actingවලින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒක නිසා මට මගේ dancing side එකටත් ඒක පහසුවක්. මොකද මම වැඩ කරන්නෙ නළු නිළියොත් එක්ක නිසා ඒ අයගෙ acting skil එකත් එක්ක dancing skill එක mix කරනවා කියන එක ලෙහෙසි නැහැ. රඟපෑමට දායක වුණ නිසා මට දැන් ඒක තවත් පහසුයි.

● ඩාන්සින් ටීම් එකක් පටන් ගන්න අදහසක් නැද්ද?

මගේ dancing team එකක් තියෙනවා. ඒක තමයි NAMASTHE creation by Kavindu madushan.

මේ දවස්වල මම රට ඇතුළත වගේම රටින් පිටත් show කරනව. ළඟදි release කරපු music video වගේම ඉස්සරහට
release කරන්න තියෙන music videos සහ films වගේ අලුත් වැඩ ගොඩකින් මගෙ dancing group එක දැකගන්න පුළුවන්.

● ලස්සනටම නටන නිළිය කවුද?

එහම එක්කෙනක් කියන්න බැහැ. ගොඩක් අය ඉන්නවා නමුත් ඒ අතරින් ශනුද්‍රි, දිනක්ෂි ශේශාද්‍රි රශීපබා, රොෂෙල්, දමිත්‍රි, ශලනි, යුරේනි, දිලුශි යන අයට මම කැමතියි.

● මල කඩ කඩ කරද්දි පිටකොටුවේදී හරි හරි දේවල් වෙන්න ඇති නේද?

ඔව්, අපි පාන්දර 6.30ට වගෙ තමයි ෂූටිං පටන් ගත්තෙ. 8.30 වගේ වෙද්දි අවසන් වුණා. පිටකොටුව busyside එකක් නිසා පැයකින් වගේ Shoot එක කරගන්න ලොකු උත්සාහයක් ගත්තා.

● ඔබ ඇයි ඩුබායි ගියේ?

මම රටින් පිට ඇවිත් ඉන්නෙ නිවාඩුවකට වගේම අලුත් දේවල් ටිකක් අධ්‍යයනය කරන්න.

● කවදද ආපහු එන්නේ?

මේ මාසයේ අග වෙද්දි මම ලංකාවට එනවා.

● පෙනුම වෙනස් කරන්න හිතුවෙ?

මම ආසයි ගොඩක් fashion කරන්න.Shooting මාසයක් නැති නිසයි කොණ්ඩය colour කරන්න හිතුවෙ. බොහෝ දෙනෙක් මේ වෙනසට කැමතියි.

මේ වෙද්දි මම අඳින පළඳින විදිහ, කොණ්ඩය කපන විදිහ පවා ගොඩක් අය follow කරනව.

මම කැමතියි ලංකාවෙ fashion icon එකක් වෙන්න. ඒකත් මං ටික ටික ඉසරහට කරගෙන යනවා.

● Girlfriend ගැනත් කියමු?

එහෙම කෙනෙක් ගැන හිතල නැහැ. තාම මං අපේ අම්මගෙ පොඩි බබා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment