මට ජනපති වෙන්න රනිල්ගෙ උදව් ඕනෙ නෑ -අවුරුදු 21ක් විපක්‍ෂ නායක ධුරයේ ඉන්නෙත් නෑ -සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

146

තමාට මේ රටේ ජනාධිපති ධුරයට තේරී පත්වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උදව් අව්‍යශ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ දෙවැනි දිනටත් පැවැති විවාදයේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එහිදී විපක්ෂ නායකවරයා මෙසේ ද කියා සිටියේය.

වත්මන් ජනාධිපතිතුමා මටත් ජනාධිපති වෙන්න උදව් කරනවා කියලා තිබෙනවාලු. මගේ විපක්ෂ නායකකම රැකලා දෙනවලු. මම දන්නවා ඒ අය 2019 ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කරපු දේවල්. මට ඒ උදව් ඕනෑ නැහැ. අපි කොතනටද යන්නේ කොතනද නතර වෙනවාද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල්වලින් නොවේ. ඒවා හෙළිදරව් වෙන්නේ ලක්ෂ 220 මතය ප්‍රකාශ කිරීමෙන්. මට නම් අවුරුදු 21ක් විපක්ෂ නායක කමේ ඉන්න අපේක්ෂාවක් නැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment